දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් තරගයේ තෙවන දිනය අද කේප්ටවුන් හී නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වුණා.
ඒ වන විට ඉන්දියාව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අතර, තරගයේ තෙවන දිනය ආරම්භ කරමින් යොමු කෙරුණු දෙවන පන්දුවෙන්ම චෙටස්වර් පුජාරාව යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මාර්කෝ ජන්සෙන් සමත්වුනා.
ඒ පුජාරා ලබාදුන් උඩ පන්දුවක් ලෙග් ස්ලිප් හී පන්දු රකිමින් සිටි කීගන් පීටර්සන් විසින් විශිෂ්ඨ අන්දමින් රැකගැනීමත් සමගයි.
ඔහු උඩු ගුවනේ පාවෙමින් මෙම උඩ පන්දුව රැකගත් අයුරු බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.
පුජාරාට ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 9(33) ක් පමණයි.
Keegan Petersen with a magnificent catch on the second ball of the day😍 #SAvIND #FreedomTestSeries #BePartOfIt | @Betway_India pic.twitter.com/zqcAtMahSi
— Proteas Men (@ProteasMenCSA) January 13, 2022

