කොදෙව්වන් පරදා අයර්ලන්තය එක්දින තරගාවලිය සම තැනට ගෙන එයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සංචාරක අයර්ලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(14) අලුයම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් අයර්ලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 5ක ජයක් වාර්තා කරමින්.

ජැමයිකාවේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව්වන්ට පන්දුවාර 48ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 229ක් පමණයි.

ඔවුන්ගේ 7 වැනි කඩුල්ල ලකුණු 111දී බිද වැටුණු නමුත්, අනතුරුව රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 50ක් හා ඔඩියන් ස්මිත් ලකුණු 46ක් ලබා ගනිමින් කොදෙව් ඉනිම ලකුණු 200 සීමාව පසු කර රැගෙන යාම සදහා දායකත්වය දක්වනු ලැබුවා.

පන්දු යැවීමේ දී Andy McBrine කඩුලු 4ක් හා Craig Young කඩුලු 3ක් බිද හෙලුවා.

අයර්ලන්ත කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් ඔවුන්ට පන්දුවාර 36කදී ලකුණු 168ක ජයග්‍රාහී ඉලක්කයක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හිමි වුණා.

අයර්ලන්තය කඩුලු 5ක් දැවී සිටියදී එම ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 32.3 ක් අවසානයේ දී යි.

Harry Tector නොදැවී ලකුණු 54ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී අකීල් හුසේන් කඩුලු 2ක් දවා ගත්තා.

මෙම ජයග්‍රහනයත් සමග ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහන සදහා තවත් ප්‍රසාද ලකුණු 10ක් එක්කර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...