මැතිව්ස්ගේ නායකත්ව පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ අදාළ තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි දසුන් ශානකට මෙතෙක් කොදෙව් දේශය බලා පිටව යාමට නොහැකි වීම මත මෙම පත් කිරීම සිදු කළ බවයි.

අමෙරිකානු වීසා ලබා ගැනීමේ ගැටලුවක් හේතුවෙනුයි දසුන් ශානකට කොදෙව් දේශය බලා පිටත්ව යාමට තවමත් නොහැකි වී ඇත්තේ. ALSO READ : දසුන්ගේ ගමන් බලපත්‍රය නැති වෙයි – කොදෙව් සංචාරයට පිටව යාමටත් නොහැකි වෙයි

දසුන් ශානක කොදෙව් දේශයට ළගා වීමෙන් පසුව දින 3ක නිරෝධායන කාලයක් ද ගත කළ යුතු බැවින් ඔහුට 20යි 20 තරගාවලියම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ගැටලුව විසදා ගත් වහාම දසුන් ශානක කණ්ඩායම සමග එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 3 වනදා ඇන්ටිගුවාහී දී පැවැත්වීමට නියමිතයි.

ALSO READ : “විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වුණේ වසර දෙකකට පෙරයි” : දසුන් ශානක

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...