සුරාජ් රන්දිව් ඔස්ට්‍රේලියාවේ දී බස් රියදුරෙකු වෙයි

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදනෙකු වන සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහ ඔස්ට්‍රේලියාවේ බස් රියදුරන් ලෙස සේවය කරන බව cricket age වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

සුරාජ් රන්දිව් එරට දී ක්‍රිකට් ක්‍රීඩා කිරීම සදහායි මෙරටින් සංක්‍රමණය වී තිබුණේ.

ක්‍රිකට් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාව වැනි රටවල් බලා පිටත්ව යාම සාමාන්‍ය කරුණක්.

ඒ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පවා ක්‍රීඩා කළ ඉතා දක්ෂ ක්‍රීඩකයින් පසුවන බව නොරහසක්.

සැබවින්ම බොහෝ ක්‍රීඩකයින් මෙරටින් ඔස්ට්‍රේලියාවට පිටව යන්නේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අරමුණ සහිතවම පමණක් නොවේ.

එහි මූලික අරමුණු අතර මුදල් ඉපයීම ද පවතින බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවෙයි.

“ඒක ගොඩක් කණගාටුදායක දෙයක්. නමුත් ඇත්ත ඒකයි. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ රැදී සිටින විට මෙවැනි ක්‍රීඩකයින්ගෙන් 99% දෙනෙකුගේ විතර ප්‍රධානතම ආදායම් මාර්ගය වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නෙවෙයි.” යනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු cricket age වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් සදහන් කර තිබෙනවා.

“ගොඩක් ක්‍රීඩා සමාජ ක්‍රීඩා කරන්නේ සෙනසුරාදා පමණයි. ඉතිං ක්‍රීඩකයින් මාසයකට දින 4ක් විරතයි ක්‍රීඩාව සදහා කාලය යොදවන්න අවශ්‍ය. අනිත් දිනවලදී බොහෝ ක්‍රීඩකයින් පුහුණුවීම් සදහාවත් යන්නෙ නැහැ. ඔවුන් පිරිසිදු කිරීම්, ඉදිකිරීම්, රිය පැදවීම් සහ වෙනත් රැකියාවන් කරනවා.”

සුරාජ් රන්දිව් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කළ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්‍.

ඔහු මෑතකදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග දැල් පන්දු යවන්නෙකු වශයෙන් ද කටයුතු කළා.

ඔස්ට්‍රේලියාව වැනි රටවල අර්ධ කාලීන රැකියාවක් ලෙස බස් රියදුරෙකු ලෙස කටයුතු කිරීම ඉහළ පිළිගැනීමක් සහිත රැකියාවක්.

මෙම පුවතෙහි සත්‍ය අසත්‍යතාවය කුමක් වුවත්, මෙරට දක්ෂ ක්‍රීඩකයින් වෙනත් රටවල් වෙත පිටව යාම නතර කිරීම සදහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම බළධාරීන්ගේ වගකීමක් නොවන්නේද?

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...