මැක්ස්වෙල්, කෙරී හා ජොනී ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව එහි පිතිකරණ අංශයේ ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ග්ලේන් මැක්ස්වෙල්, ඇලෙක්ස් කෙරී සහ එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටව් සමත්ව ඇත්තේ දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයේ දී ඔවුන් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

එහිදී ලකුණු 112ක් රැස් කළ ජොනී බෙයාර්ස්ටව් 10 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ද, ලකුණු 108ක් වාර්තා කළ ග්ලේන් මැක්ස්වෙල් 26 වන ස්ථානය දක්වා ස්ථාන 5කින් ද, ලකුණු 106ක් ලබා ගත් ඇලෙක්ස් කෙරී 28 වන ස්ථානය දක්වා ස්ථාන 11කින් ද ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

මේ අතර, තරගාවලියේ දී කඩුලු 6ක් බිද හෙලූ එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 4 වන ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ ඇති බව සදහන්.

ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ද ස්ථාන 3කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

මෙවර තරගාවලියට ක්‍රීඩා නොකළ බෙන් ස්ටොක්ස් එහි සිව්වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පහතට ඇද වැටී තිබෙනවා.

මේ අතර, ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හෙසල්වුඩ් වසර දෙකකට පමණ පසුව යළි පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 10 අතරට පැමිණ ඇති බව සදහන්.

මෙතෙක් 15 වන ස්ථානයේ රැදී සිටි ඔහු මේ වන විට පසුවන්නේ 8 වැනි ස්ථානයේයි.

එංගලන්තයේ ජොෆ්ර ආචර් ද පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 18කින්.

ඔහු මේ වන විට 10 වැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...