ඩේවිඩ් විලී සහ බිරිදට කොරෝනා

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වේවිඩ් විලීට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහු ඇතුළු යෝක්ෂයාර් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් සිව් දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඩේවිඩ් විලී සමීපව ආශ්‍රය කළ ක්‍රීඩකයින් පිරිසක් එලෙස නිරෝධායනයට යොමු කර ඇති බව සදහන්.

ඔහු මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරු වීම සහ ඔහු ඇතුළු තවත් ක්‍රීඩකයින් සිව් දෙනෙකු නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් එරට ප්‍රාන්ත තරගාවලියේ ඉදිරි තරග කිහිපයක්ම එම ක්‍රීඩකයින් සිව් දෙනාට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

වේවිඩ් විලීට අමතරව ඔහුගේ බිරිදට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...