දෝනි නායකත්වය දරන ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් සංචිතය මෙන්න

Date:

20යි 20 ක්‍රිකට් පිටියේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් සැණකෙලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින දෙකක් පමණයි.

ප්‍රථම තරගය සැප්තැම්බර් 19 වන දා මෙරට වේලාවෙන් පස්වරු 7.30 ට අබුඩාබි ක්‍රීඩා පිටියේදී ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර අවසන්.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා තරගාවලිය ප්‍රේක්ෂකාගාරයේ සිට නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වී නැතත්, තරගාවලියේ සුපුරුදු තරගකාරීත්වය එලෙසින්ම මෙවරත් පවතිනු නිසැකයි.

පසුගියවර ශූරතාවය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා අනුශූරයන් බවට පත්වු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි පළමු තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ වෙනස්වීම් සමගින් මෙවරත් ප්‍රබල සංචිතයක් නම් කිරීමට චෙන්නායි කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

චෙන්නායි සංචිතයට ද විදෙස් ක්‍රීඩකයන් අට දෙනෙකු ඇතුළත්.

සංචිතයට නම් කර සිටි ඉන්දිය ප්‍රවීන ක්‍රීඩකයන් දෙපළක් වන සුරේෂ් රයිනා හා හර්බජාන් සිං පෞද්ගලික හේතු මුල් කරගෙන මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ ද ඔවුන් වෙනුවට ආදේශක ක්‍රීඩකයින් නම් කිරීමට කණ්ඩායම් කළමණාකාරීත්වය මෙතෙක් කටයුතු කර නැහැ.

බොහෝ විට සුරේෂ් රයිනා යළිත් චෙන්නායි සංචිතය සමග මෙවර එකතු වීමේ ඉඩක් පවතින බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

විසි දෙදෙනෙකුගෙන් සමන්විත මෙවර චෙන්නායි සුපර් කිංග්ස් සිංචිතය සිය සිව්වන ශූරතාවය දිනාගැනීමේ දැඩි අරමුණින් යුතුව මෙවර තරගාවලියට පිවිසෙනු ඇති.

චෙන්නායි සුපර් කිංග්ස් සංචිතය –

MS Dhoni (C), N Jagadeesan, Ruturaj Gaikwad, KM Asif, Ravindra Jadeja, Murli Vijay, Josh Hazlewood, Kedar Jadhav,
Karn Sharma, Piyush Chawla, Ambati Rayudu, Imran Tahir, Deepak Chahar, Faf du Plessis, Shardul Thakur, Mitchell Santner, Dwayne Bravo, Lungi Ngidi, Sam Curran, Monu Kumar, Shane Watson, Sai Kishore.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...