මැකලම් වෙනුවට පත් කෙරුණු නයිට් රයිඩර්ස් නව පුහුණුකරු නිවේදනය කෙරේ

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස Chandrakant Pandit පත් කර තිබෙනවා.

61 හැවිරිදි ඔහුව එම තනතුරට පත් කර ඇත්තේ මෙතෙක් අදාළ ධූරයේ කටයුතු කළ නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් වෙනුවටයි.

මැකලම් මේ වන විට එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බැවින් ඔහුට කොල්කටා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට සිදු වුණා.

ඉන්දීය කණ්ඩායමේ හිටපු කඩුලු රකින ක්‍රීඩකයෙකු වන Chandrakant Pandit ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 5කට හා එක්දින තරග 36 කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි, විදර්භා හා මධ්‍ය ප්‍රදේශ් යන කණ්ඩායම් රංජි කුසලානය දිනා ගැනීමට ද සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...