පළමු දිනයට වර්ෂාවෙන් දැඩි බාධා ; දිනයේ සියලු ගෞරව දකුණු අප්‍රිකාවට

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(17) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

කෙසේ වෙතත්, තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 32 ක් පමණයි.

වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවට පෙර නිමා කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116 ක්.

ඔලී පෝප් නොදැවී ලකුණු 61 ක් ලබා සිටින අතර, ස්ටුවට් බ්‍රෝඩ් තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ.

ඉනිම ආරම්භ කළ ඇලේක්ස් ලීස් ලකුණු 5 කටත්, සැක් ක්‍රව්ලි ලකුණු 9කටත් දැවී ගියා. ජෝ රූට් ලකුණු 8 යි. ජොනී බෙයාර්ස්ටව් ලකුණු නොලබා සිටියදී දැවී ගිය අතර, නායක බෙන් ස්ටොක්ස් ලබා ගත්තේ ලකුණු 20 ක් පමණයි. බෙන් ෆෝක්ස් ලකුණු 6කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා ලකුණු 43 කට කඩුලු 3ක් දවා ගත් අතර, කාගිසෝ රබාඩා කඩුලු 2 ක් ද, මාර්කෝ ජන්සෙන් එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...