දික්වැල්ලත් CPL පිටියට

Date:

අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ද හිමිව ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු Saint Lucia Kings කණ්ඩායම සමඟ ගිවිසුම් ගතවීමත් සමගයි.

කෙසේ වෙතත්, එම කණ්ඩායම මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

මීට පෙර මෙවර තරගාවලිය වෙනුවෙන් ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමග වනිදු හසරංග ගිවිසුම් ගත වී සිටි අතර, මහීෂ් තීක්ෂණ හා සීක්කුගේ ප්‍රසන්න ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතවුණා.

කෙසේ වෙතත්, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසු යෝග්‍යතාවයකින් පසු විය යුතු බැවින් වනිඳු හසරංගට සහ මහීෂ් තීක්ෂණට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබා දී නොමැති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...