මාක්‍රම්ගේ 175 හමුවේ දකුණු අප්‍රිකාව ලෝක කුසලානයට තවත් පියවරකින් ළගා වෙයි

Date:

නෙදර්ලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 146 ක ජයක් වර්තා කරමින් 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීම සදහා තවත් පියවරකින් ළගා වීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. මෙම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ද දකුණු අප්‍රිකාව සමත් වුණා.

ජොහැනස්බර්ග් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 8 ක් දැවී ලකුණු 370 ක් ලබා ගත්තේ ඒඩ්න් මාක්‍රම් රැස් කළ ලකුණු 175 න් ශක්තිමත් වෙමින්. පන්දු 126 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් හා හතරේ පහර 17 ක් ඇතුළත්.

ඩේවිඩ් මිලර් පන්දු 61 කින් වේගවත් ලකුණු 91 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් සමගින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 39.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 224 ක් පමණයි.

Musa Ahmed ලකුණු 61 ක් හා Max O’Dowd ලකුණු 47 ක් රැස් කළා. පන්දු යැවීමේ දී සිසන්ඩා මාගලා ලකුණු 43 කට කඩුලු 5 ක් දවා ගත්තා.

මෙම ජයත් සමගින් ප්‍රසාද ලකුණු 98 ක් ලබා ගනිමින් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ බටහිර ඉන්දීය කො‍දෙව්වන් අභිබවා 8 වැනි ස්ථානයට පත් වීමට දකුණු අප්‍රිකාව සමත් වුණේ ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ කො‍දෙව් බලාපොරොත්තු සුන් කරමින්.

කොදෙව්වන් (ප්‍රසාද ලකුණු 88) ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ රැදී සිටින අතර, ශ්‍රී ලංකාව (ප්‍රසාද ලකුණු 81) 10 වැනි ස්ථානයේ පසුවනවා.

2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන අට තුළ රැදී සිටින කණ්ඩායම් පමණයි.

එහි පෙරමුණේ පසුවන කණ්ඩායම් 7 මේ වන විටත් ලෝක කුසලානයට සුදුසුකම් ලබා අවසන්ව ඇති අතර, කොදෙව්වන්, ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය හා සිම්බාබ්වේ යන රටවල්වලට මේ වන විට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට තර්ජනයක් එල්ල කළ හැකි එකම රට වන්නේ අයර්ලන්තය පමණයි. මැයි මාසයේ දී බංග්ලාදේශයට එ‍රෙහිව පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 3-0 ක් ලෙස අයර්ලන්තය ජයගතහොත් පමණයි අයර්ලන්තයට දකුණු අප්‍රිකාව ලබා සිටින ප්‍රසාද ලකුණු 98 ලබා ගත හැකි වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...