කෝලි-ඩු ප්ලෙසිස් ප්‍රහාරය හමුවේ RCB පිලට සුපිරි ජයක්

Date:

විරාට් කෝලි පන්දු 49 කින් නොදැවී වාර්තා කළ ලකුණු 82 හා නායක ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 43 කින් වාර්තා කළ ලකුණු 73 හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(2) සමත් වුණා.

බැගලෝර් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 16.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කෝලිගේ ඉනිම හයේ පහර 5කින් හා හතරේ පහර 6 කින් වර්ණවත් වුණා. ඩු ප්ලෙසිස්ගේ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 5ක් ඇතුළත්.

බැංගලෝර් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම මෙම තරගයේ දී නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 171 ක්.

හුදෙකලා සටනක නිරත වෙමින් තිලක් වර්මා පන්දු 46 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 84 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...