ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය පරදියි

Date:

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ඝනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් වුණා.

ඒ, කණ්ඩායම් දෙක අතර ඊයේ (2) රාත්‍රියේ නිමා වූ දෙවැනි එක්දින තරගයෙන් ඇෆ්ඝනිස්තානය කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අබුඩාබි හි Tolerance Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 36.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 161 ක් පමණයි.

විහස් තෙව්මික ලකුණු 33 ක් රැස් කළ අතර, දුවිදු රණතුංග ලකුණු 28 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Faridoon Dawoodzai හා Kamran Hotak කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානය පන්දුවාර 32.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Numan Shah නොදැවී ලකුණු 72 යි. පන්දු යැවීමේ දී විශ්ව ලහිරු, විහස් තෙව්මික, තීරක රණතුංග හා දිනුර කලුපහන කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...