මහේල ප්‍රධාන පුහුණුකරු තනතුරකට බෑ කියයි

Date:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ප්‍රතික්ෂේප කර ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුට අමතරව හිටපු ඔස්ට්‍රේලියානු නායකයෙකු වන රිකී පොන්ටින් ද අදාළ ධූරය භාර නොගැනීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

එංගලන්ත පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළේ ක්‍රිස් සිල්වර්වුඩ්.

ඔස්ට්‍රේලියාවට එරෙහි අලුබදුන තරගාවලියේ දී ලැබූ දරුණු පරාජයෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කෙරුණා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ ද එංගලන්ත හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්.

එංගලන්ත ටෙස්ට් හා සීමිත පන්දුවාර කණ්ඩායම් වෙනුවෙන් නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කිරීමට එරට නව කළමණාකාර අධ්‍යක්ෂ රොබ් කී අවධානය යොමු කර ඇති බව සදහන්.

ඒ අනුව කොදෙව් හිටපු ක්‍රීඩකයෙකු වන ඔටිස් ගිබ්සන් ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීම සදහා මේ වන විට අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...