අයි.සී.සී ක්රිකට් කමිටුව (පිරිමි) සදහා නව පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට ජගත් ක්රිකට් කවුන්සලයේ (අයි.සී.සී) අනුමැතිය හිමිව තිබෙනවා.
ඉරිදා(10) නිමා වූ අයි.සී.සී රැස්වීමේ දී යි මෙම පත් කිරීම් සදහා අනුමැතිය ලබා දී ඇත්තේ.
ඒ අනුව ශ්රී ලංකා හිටපු ක්රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන යළිත් එම කමිටුවට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
හිටපු ක්රීඩකයින්ගේ නියෝජනයක් ලෙසයි මහේල ජයවර්ධන මහතා මෙම කමිටුවේ කටයුතු කරන්නේ.
ඔහුට අමතරව Gary Stead ජාතික කණ්ඩායම් පුහුණුකරුවන්ගේ නියෝජිතයෙකු ලෙස ද අයි.සී.සී ක්රිකට් කමිටුව සදහා පත් කර ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.
අනුමැතිය හිමි වූ නව පත් කිරීම් –
- Mahela Jayawardena – Past Player representative (reappointment)
- Gary Stead – National Team Coach representative
- Jay Shah – Member Board representative
- Joel Wilson – ICC Elite Panel Umpire
- Jamie Cox – MCC Representative

