අයි.සී.සීය ඇෆ්ඝනිස්තානය ගැන තීරණයක් ගනියි

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය අනුමැතියට ලක් කරමින් එහි ප්‍රධානී Mirwais Ashraf ඇෆ්ඝනිස්තානයේ අයි.සී.සී නියෝජිතයා ලෙස පිළිගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) තීරණය කර තිබෙනවා.

ඒ, ඉරිදා(10) ඩුබායි හී දී නිමා වූ අයි.සී.සී රැස්වීමේ දී යි.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ තත්ත්වය හා එරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ක්‍රියාකාරී මණ්ඩලයක් පත් කර තිබූ අතර, එහි නිර්දේශ මත පදනම්ව අයි.සී.සීය විසින් මෙම පියවර ගනු ලැබුවා.

මේ අතර, සිය රට තුළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවට වන සහතිකයක් ද අයි.සී.සීය වෙත ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ලබා දී ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

ඒ සදහා වන සම්පූර්ණ ක්‍රියාකාරී සැලැස්මක් සහ අයවැයක් ඇෆ්ඝනිස්තානය විසින් අදාළ ක්‍රියාකාරී මණ්ඩලය වෙත ඉදිරියේ දී ලබා දෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...