අපක්ෂපාතී විනිසුරුවන් පත් කිරීම ගැන අයි.සී.සීයෙන් නව තීරණයක්

Date:

කොරෝනා වසංගත තත්ත්වයත් සමග ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර තරග සදහා තරග නිළධාරීන් පත් කිරීමේ දී හදුන්වා දී තිබූ ක්‍රියාවලිය සංශෝදනය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

මේ වන විට කොරෝනා වසංගතයට අදාළව විවිධ රටවලින් පනවා ඇති සංචරණ සීමාවන් ලිහිල් කිරීමට ගෙන ඇති තීරණ හේතුවෙනුයි අයි.සී.සීය මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව ටෙස්ට් තරගා සදහා අපක්ෂපාතී විනිසුරුවන් (තරගය ක්‍රීඩා කරන රටවල් දෙකට අයත් නොමැති විනිසුරුවන්) පත් කිරීමට අයි.සී.සීය යළි පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, සීමිත පන්දුවාර තරග සදහා තවදුරටත් තරග පැවැත්වෙන සත්කාරක රටේ විනිසුරුවන් යොදා ගත හැකියි.

ජාත්‍යන්තර සංචරන සීමා සහ නීරෝධායන ක්‍රියාවලීන් පිළිබද අවධානය යොමු කර අදාළ තරග පැවැත්වෙන සත්කාරක රටෙහි විනිසුරුවන් සහ තරග තීරකවරුන් පමණක් තරග සදහා යොදා ගැනීමට අයි.සී.සීය පියවර ගත්තේ 2020 වසරේ ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

පසුගිය පෙබරවාරි මාසය දක්වා සත්කාරක රටේ විනිසුරුවන් යොදා ගැනීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථකව හා ගැටලුවකින් තොරව සිදුව ඇති බවත්, එය තරග සදහා අනවශ්‍ය බලපෑමක් සිදු කර නොමැති බවත් අයි.සී.සීය සදහන් කළා.

ඒ අනුව 2022-23 තරග වාරය සදහා තරග නිළධාරීන් පත් කිරීමේ දී ටෙස්ට් තරග සදහා තරග තීරක හා පිටියේ එක් විනිසුරුවරයෙකු ලෙස අපක්ෂපාතී තරග නිළධාරීන් අයි.සී.සීය විසින් පත් කරනු ඇති.

අනෙක් පිටියේ විනිසුරු අයි.සී.සීය විසින් නම් කරනු ලබන්නේ සත්කාරක රටේ විනිසුරුවරයෙකුයි.

තෙවන විනිසුරු වශයෙන් අපක්ෂපාතී විනිසුරුවරයෙකු අයි.සී.සීය විසින් පත් කරනු ඇති.

මෙම තීරණ ගනු ලැබුවේ ඊයේ(10) ඩුබායි හී දී නිමා වූ අයි.සී.සී රැස්වීමේ දී යි.

ඉදිරියේ දී තරග නිළධාරීන් පත් කරනු ලබන ආකාරය –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...