2024 T 20 ලෝක කුසලානයට රටවල් සුදුසුකම් ලබන ආකාරය නිවේදනය කෙරේ

Date:

2024 වසරේ පැවැත්වෙන අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා ආකාරය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඊයේ(10) ඩුබායි හී දී නිමා වූ අයි.සී.සී රැස්වීමෙන් පසුවයි ජගත් ක්‍රිකට් කවුන්සලය මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළේ.

ඒ අනුව තරගාවලියට එක්වන රටවල් 20න් රටවල් 12ක් සුදුසුකම් ලැබිමේ තරගාවලියකින් තොරව සෘජුවම ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසුවන රටවල් අට 2024 වසරේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගනු ඇති.

තරගාවලියේ සත්කාරකත්වය හිමි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා අමෙරිකා එක්සත් ජනපදය මේ වන විටත් 2024 ලෝක කුසලානයට සුදුසුකම් ලබා අවසන්.

ඊට අමතරව 2022 නොවැම්බර් 14 වැනිදා වන විට අයි.සී.සී 20යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන රටවල් කිහිපයකට ද තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

කොදෙව්වන් මෙවර 20යි 20 ලෝක කුසලානයේ දී පළමු අට දෙනා අතර රැදී සිටියහොත් 20යි 20 ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව තවත් කණ්ඩායම් තුනකට 2024 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

කෙසේ වෙතත්, කොදෙව්වන්ට මෙම වසරේ පැවැත්වෙන ලෝක කුසලානයේ දී පළමු අට දෙනා අතරට තේරීමට නොහැකි වුවහොත් ශ්‍රේණිගත කිරීම් අනුව 2024 තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගන්නේ තවත් රටවල් දෙකක් පමණයි.

සෙසු රටවල් 8 කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් 2024 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබනු ඇති.

එහිදී අප්‍රිකානු, ආසියානු හා යුරෝපා කලාපවලින් රටවල් දෙක බැගින් ද, අමෙරිකාවෙන් හා නැගෙනහිර ආසියා පැසිෆික් කලාපයෙන් එක් රට බැගින් ද ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...