මහරාජ්ට එක්දින තරගාවලියම අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකා දග පන්දු යවන ක්‍රීඩක කේෂාව් මහරාජ්ට පාකිස්තානය සමග පැවැත්වෙන අවසන් එක්දින තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

පසුගිය 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය සදහා ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත්, තරගයට පෙර ශරීරිය උණුසුම් කිරීමේ ව්‍යායාමවල නිරතව සිටියදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් එම තරගය සදහා ද ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

පසුව ඔහු වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන් අතර, අනතුරුව ඔහුව තරගාවලියෙන් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔහු වෙනුවට Bjorn Fortuin සංචිතයට ආදේශ කර තිබෙනවා.

දෙරට අතර දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට ද මහරාජ් නම් කර ඇති පසුබිමකයි ඔහුට එක්දින තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.

ඔහු සිය ආබාධය සුව කර ගැනීමේ පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට නියමිත අතර, පළමු ටෙස්ට් තරගයට පෙර ඔහුගේ යෝග්‍යතාවය පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...