Lanka T10 Super League ශූරතාවය දසුන්ගේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කළ Lanka T10 Super League ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Hambantota Bangla Tigers කණ්ඩායම අද(19) සමත් වුණා.

ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේදී Jaffna Titans කණ්ඩායම පරදා ලකුණු 26 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Bangla Tigers කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 133 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 10 අවසන් කළා.

මොහමඩ් ශෙහ්සාඩ් හා ශෙවෝන් ඩැනියල් ලකුණු 26 (පිළිවෙලින් පන්දු 11 කින් හා පන්දු 15 කින්) බැගින් ලබා ගත් අතර, නායක දසුන් ශානක ලකුණු 21(10) කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ට්‍රෙවීන් මැතිව් ලකුණු 18 කට කඩුලු දෙකක් දවා ගත්තා.

අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් Jaffna Titans කණ්ඩායමට පිළිතුරු ඉනිමේදී කඩුලු හයක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 107 ක් පමණයි.

ටොම් ඒබෙල් නොදැවී ලකුණු 54 ක් ලබා ගත්තේ පන්දු 27 කින්. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් සමගින්.

පන්දු යැවීමේදී රිචර්ඩ් ග්ලීසන් ලකුණු 21 කට කඩුලු 3 ක් ද, දසුන් ශානක එක් පන්දුවාරයක් යොමු කරමින් ලකුණු 4 කට කඩුලු 2 ක් ද දවා ගත්තා.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ ඉනිම පහකදී ලකුණු 203 ක් රැස් කළ කුසල් මෙන්ඩිස්. ඉනිමක සාමාන්‍ය සටහන් වූයේ 50.75 ක් ලෙසයි. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 228.09 ක් ලෙස සටහන්ව තිබුණා.

තරග හයකදී කඩුලු 12 ක් බිද හෙලූ ට්‍රෙවීන් මැතිව් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...