මරූෆ් නායකත්වය රැක ගනියි – පුහුණුකරු ඉවතට

Date:

2020/21 තරග වාරය සදහා වන කොන්ත්‍රාත්ගත කාන්තා ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට Anam Amin සහ Omaima Sohail අලුතින් නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ක්‍රීඩිකාවන් 9 දෙනෙකුගෙන් යුත් කොන්ත්‍රාත් ලැයිස්තුව කාණ්ඩ 3ක් යටතේ ප්‍රකාශයට පත් කර ඇති බව සදහන්.

Bismah Maroof තවදුරටත් කණ්ඩායමේ නායකත්වය ද රැක ගැනීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, කණ්ඩායමේ පුහුණුකරු Iqbal Imam ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර, ඉදිරියේ දී නව පුහුණුකරුවෙකු පත් කර ගැනීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරනු ඇති.

මේ අතර, සියලු ක්‍රීඩිකාවන්ට වැටුප් වර්ධකයක් ද ලබා දී තිබෙනවා.

ඒ අනුව A කාණ්ඩයේ ක්‍රීඩිකාවන්ට 33%ක වැටුප් වර්ධකයක් ද, B කාණ්ඩයේ ක්‍රීඩිකාවන්ට 30%ක වැටුප් වර්ධකයක් ද ලබා දී ඇති අතර, C කාණ්ඩයේ ක්‍රීඩිකාවන්ට 25%ක වැටුප් වර්ධකයක් ලබා දී ඇති බව සදහන්.

එමෙන්ම ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළ දැමීමටත්, ත්‍යාග මුදල් 100% කින් ඉහළ දැමීමටත් තීරණය කර තිබෙනවා.

කොන්ත්‍රාත්ගත ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව 2020-21:

Category A – Bismah Maroof and Javeria Khan

Category B – Aliya Riaz, Diana Baig and Sidra Nawaz

Category C – Anam Amin, Nahida Khan, Nida Dar and Omaima Sohail

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...