තරගයක් අතරතුර දී කොරෝනා හැදුනොත් වෙන දේ මෙන්න

Date:

එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී කොරෝනා වෛරසය පදනම් කර ගනිමින් ක්‍රීඩක ආදේශ කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් (COVID-19 substitutes) මේ වන විට ජගත් ක්‍රිකට් කවුන්සලය තවදුරටත් සලකා බලමින් සිටින බව එංගලන්ත ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.

එහි විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වන Steve Elworthy විසින් Sky Sports වෙත සදහන් කර ඇත්තේ ටෙස්ට් තරග සදහා මෙම ක්‍රමවේදයට අනුමැතිය හිමි වනු ඇති බවට අපේක්ෂාවෙන් පසු වන බවයි.

කෙසේ වෙතත්, එක්දින සහ 20යි 20 තරග සදහා එම ක්‍රමවේදය යොදා ගැනීමට අවශ්‍ය නොවද බව ද හෙතෙම පෙන්වා දෙනවා.

මේ වන විට ටෙස්ට් තරගවලදී අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට ක්‍රීඩක ආදේශ කිරීමක් කළ හැකි වන්නේ ක්‍රීඩකයෙකු යම් කම්පන තත්ත්වයකට පත් වුවහොත් පමණයි.

එවැනි අවස්ථාවක හැර වෙනත් කිසිදු අවස්ථාවක අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට ක්‍රීඩක ආදේශ කිරීමක් කිරීමට හැකි වන්නේ නැහැ.

කෙසේ වෙතත්, පන්දු රැකීම සදහා පමණක් ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කළ හැකියි.

අප මීට පෙර ද වාර්තා කළ පරිදි මේ වන විට අයි.සී.සීයේ අවධානය යොමුව ඇත්තේ තරගයක් අතරතුර දී ක්‍රීඩකයෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ඔහු තරගයෙන් වහාම ඉවත් කර, ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සදහා අනුමැතිය ලබා දීමටයි.

කෙසේ වෙතත්, එවැනි අවස්ථාවක අදාළ ක්‍රීඩකයා සමීපව ඇසුරු කළ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ගැටලුවක්.

එනම් උදාහරණයක් ලෙස ස්ලිප් වැනි ස්ථානයක පන්දු රකින්නෙකුට එවැනි රෝග ලක්ෂණ මතු වුවහොත් ස්ලිප්හි පන්දු රකිමින් සිටි සෙසු ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?

එමෙන්ම තරගයේ මුල් අවස්ථාවේ දීම ක්‍රීඩකයින්ට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවුවහොත් හෝ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එකම අවස්ථාවකදී රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ගන්නා ක්‍රියාමාර්ග මෙන්ම ඒ ඔස්සේ තරගයට සිදු වන බලපෑම මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් විය යුතු බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

මේ වන විට එංගලන්ත ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ යම් ක්‍රීඩකයෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ඔහුව වහාම හුදෙකලා කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමටයි.

අනතුරුව ඔහු කෙරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වුවහොත් වහාම එම ක්‍රීඩකයා තරගයෙන් ඉවත් කර වෛද්‍ය ප්‍රතිකාර යටතේ නීරෝධායනයට යොමු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...