මෙරට ජාත්‍යන්තර තරග තවත් මාස 3ක් කල් යන ලකුණු

Date:

සැප්තැම්බර් මාසයේ දී යළි ජාත්‍යන්තර තරග සංවිධාන කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ, බංග්ලාදේශයට එරෙහි තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සංවිධාන කරමින්.

මෙම තරගාවලිය ජූලි මස අගදී ආරම්භ වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදුව තිබෙනවා.

ඊට පෙර ලබන මාසයේ දී යළි දේශීය තරග ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව සදහන්.

මේ අතර, මෙම මස අගදී ඉන්දියාව සමගින් ආරම්භ වීමට නියමිතව තිබූ එක්දින සහ 20යි 20 තරගාවලි ද කල් දැමීමට මේ වන විට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ඉන්දීය ක්‍රිකට් ආයතනය සිදු කර නැහැ.

මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්තයට සහ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලි ද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමට මීට පෙර කටයුතු කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...