මන්දනාගේ බැංගලෝර් කණ්ඩායම පළමු ජය වාර්තා කරයි

Date:

මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තමන් ලැබූ පළමු ජය වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ 13 වැනි තරගයෙන් යූපී වොරියර්ස් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කරමින්.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 135 ක් ලබා ගත්තා.

Grace Harris ලකුණු 46 ක් රැස් කළ අතර, Kiran Navgire හා Deepti Sharma ලකුණු 22 බැගින් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී Ellyse Perry ලකුණු 16 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, Sophie Devine හා Sobhana Asha කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 18 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ස්ම්රිති මන්දනා ලකුණු නොලබා දැවී ගිය අතර, Kanika Ahuja ලකුණු 46 ක් හා Richa Ghosh නොදැවී ලකුණු 31 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට තරගාවලියේ පළමු ජය හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී Deepti Sharma ලකුණු 26 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...