උමාර් ගුල්ට පාකිස්තානයෙන් තනතුරක්

Date:

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා  පාකිස්තාන කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස අබ්දුල් රහ්මාන් පත් කර තිබෙනවා.

පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් මෙම තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි එරට ක්‍රිකට් ආයතනයේ සභාපති නජාම් සෙති සදහන් කළේ.

මීට පෙර මොහමඩ් යුසුෆ් පාකිස්තාන කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරන බවට ප්‍රකාශයට පත් කර තිබූ නමුත්, ඔහු පිතිකරණ පුහුණුකරු ලෙස පමණක් ඇෆ්ඝනිස්තාන තරගාවලියේ දී කටයුතු කිරීම නියමිතයි.

Saqlain Mushtaq ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වීමෙන් අනතුරුව මේ වන විට පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුධූරය පුරප්පාඩු වී පවතිනවා.

මාර්තු 24 වැනිදා සාජා හී දී තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, මෙම තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශඩාබ් ඛාන් විසින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...