ඩිල්ෂාන්-තරංග ප්‍රහාරය අපතේ යයි ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

උපුල් තරංගගේ හා තිලකරත්න ඩිල්ෂාන්ගේ විශිෂ්ඨ ඉනිම් අපතේ යවමින් Legends League Cricket Masters (LLC Masters) තරගාවලියේ සිව්වැනි තරගයෙන් Asia Lions කණ්ඩායම පරදා කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට India Maharajas කණ්ඩායම ඊයේ (14) රාත්‍රියේ සමත් වුණා.

කටාර්හි දෝහා නුවර පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Lions කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 157 ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වූ උපුල් තරංග හා තිලකරත්න ඩිල්ෂාන් පන්දුවාර 8.4 ක් තුළ ලකුණු 73 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, ඩිල්ෂාන් ලකුණු 32(27)කටත්, තරංග ලකුණු 69(48)කටත් දැවී ගියා. තරංගගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 7 ක් ඇතුළත්.

අබ්දුල් රසාක් නොදැවී ලකුණු 27 යි. පන්දු යැවීමේ දී සුරේෂ් රයිනා කඩුලු 2 ක් දවා ගත් අතර, ස්ටුවට් බිනී, හර්බජාන් සිං හා ප්‍රවීන් තම්බේ කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Maharajas කණ්ඩායම පන්දුවාර 12.3 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. රොබින් උතාපා නොදැවී ලකුණු 88 ක් රැස් කළේ පන්දු 39 කින්. හයේ පහර 5 ක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක ගෞතම් ගම්භීර් නොදැවී ලකුණු 61(36) යි.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...