ක්‍රිස් ගේල්ගේ ප්‍රහාරය ඉන්දියාව පරදා ලෝක කණ්ඩායමට කඩුලු 3 ක ජයක් ගෙනෙයි

Date:

Legends League Cricket Masters (LLC Masters) තරගාවලියේ 5 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට World Giants කණ්ඩායම සමත් වුණා.

කටාර්හි දෝහා නුවර පැවැති තරගයේ දී ඔවුන් හමුවේ කඩුලු 3 කින් පරාජයට පත් වූයේ India Maharajas කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් India Maharajas කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 139 ක් රැස් කළ අතර, ලකුණු 140 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Giants කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Maharajas ඉනිම වෙනුවෙන් සුරේෂ් රයිනා ලකුණු 49 ක් හා මන්වින්දර් බිස්ලා ලකුණු 36 ක් ලබා ගත්තා. ඉර්ෆාන් පතාන් ලකුණු 25යි.

පන්දු යැවීමේ දී බ්‍රෙට් ලී ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ටීනෝ බෙස්ට් හා Chris Mpofu කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිමේ දී Giants කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ක්‍රිස් ගේල්. ඔහු පන්දු 46 කින් ලකුණු 57 ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින්. ශේන් වොට්සන් ලකුණු 26 යි.

පන්දු යැවීමේ දී යුසුෆ් පතාන් කඩුලු 2 ක් බිද හෙලුවා. හර්බජාන් සිං, අශෝක් ඩින්ඩා, ප්‍රවීන් තම්බේ හා සුරේෂ් රයිනා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...