දෙවැනි තරගයට 12 දෙනෙකු නම් කෙරේ ; දික්වැල්ලගේ ස්ථානය ගැන දිමුත් අදහස් දක්වයි

Date:

හෙට(17) නවසීලන්තයට එරෙහිව ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ඇතැම්විට කණ්ඩායමේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරන්ත පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ හෙට පෙරවරුවේ දී තණතීරුව හා කාළගුණ වාර්තා පරීක්ෂා කර බලා අවසන් කණ්ඩායම තෝරන බවයි.

වේග පන්දු යවන්නන් සිව්දෙනෙකු සමග ක්‍රීඩා කරන්නේ ද, වෙනත් කඩුලු රකින්නෙකු සමග ක්‍රීඩා කරන්නේ ද යන කරුණු සම්බන්ධයෙන් කණ්ඩායම තේරීමේ දී අවධානය යොමු කරන බව ශ්‍රී ලංකා නායකයා පෙන්වා දුන්නා.

ක්‍රයිස්චර්ච් තණතීරුවට සාපේක්ෂව හෙට තරගය පැවැත්වෙන වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ තණතීරුවේ තණකොල වැඩි ප්‍රමාණයක් දැකගත හැකි බවයි ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ.(තණතීරුවේ ඡායාරූප පහතින්)

දෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් මේ වන විට 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති බව ද දිමුත් අවධාරණය කළා.

“මේ විකට් එකේ තණකොල ගිය විකට් එ‍කට වඩා පොඩ්ඩක් වැඩිපුර තියෙනවා. ඒ වගේම කාළගුණ වාර්තාව බැලුවොත් එහෙම පොඩ්ඩක් වහින්න තියෙන ගතිය වැඩියි දවස් දෙකක් විතර.” යනුවෙන් ශ්‍රී ලංකා නායකයා සදහන් කළා.

“ඉතිං ඒකත් එක්ක අපි බලන්න ඕනෙ කොහොමද අපිට මේකෙ දග පන්දු යවන්නෙක්ගෙන් වැඩක් ගන්න පුලුවන් ද? ඊට වඩා වේග පන්දු යවන්නෙක්ගෙන් ලොකු දෙයක් කරගන්න පුලුවන් ද කියලා. ඒකත් එක්කම නිරෝෂන් දික්වැල්ලගෙ තැන ගැන තමයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ තීරණ දෙක ඇරෙන්න අනිත් කණ්ඩායම ගොඩක් වෙලාවට ඒ විදිහටම ක්‍රීඩා කරයි.”

“අතිරේක කඩුලු රකින්නෙක් විදිහට ඉන්නේ නිශාන් මදුෂ්ක. ඉතිං මම හිතන්නේ ඔහුට අවස්ථාවක් ලැබෙයි ක්‍රීඩා කරන්න. හැබැයි මම හිතන්නේ නැහැ ඔහුට මුල්පෙල පිතිකරුවෙකු ලෙස පිතිකරණයේ නිරත වෙන්න පුලුවන් වෙයි කියලා. ඔහු ක්‍රීඩා කළොත් අනිවාර්යයෙන්ම අංක 7 ස්ථානයේ තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...