අසිත, මැතිව්ස් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට ; අශ්වින් පළමු ස්ථානය තහවුරු කර ගනියි

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාවේ ආර්. අශ්වින්, විරාට් කෝලි, ඔස්ට්‍රේලියාවේ උස්මාන් කවාජා, දකුණු අප්‍රිකාවේ ටෙම්බා බවුමා හා නවසීලන්තයේ ටිම් සවුති ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ද ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවට එරෙහි සිව්වැනි ටෙස්ට් තරගයේ දී ද ඉහළ දක්ෂතා දක්වමින් තරග 4 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 25 ක් දවා ගත් ආර්. අශ්වින් යළිත් වරක් ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ තම නම ඉදිරියෙන් පමණක් සටහන් කර ගැනීමට සමත්ව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 869 ක් හිමි කර ගනිමින්.

පසුගිය සතියේ දී අශ්වින් සමග සම පළමු ස්ථානයේ රැදී සිටි එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් ශ්‍රේණිගත ලකුණු 859 ක් හිමි කර ගනිමින්  මේ වන විට දෙවැනි ස්ථානයේ පසුවනවා.

ඔස්ට්‍රේලියාවට එරෙහිව සිව්වැනි තරගයේ දී ලකුණු 186 ක් වාර්තා කළ විරාට් කෝලි පිතිකරුවන් අතර 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 7 කින් ඉදිරියට පැමිණ ඇති අතර, එම තරගයේ දී ලකුණු 180 ක් ලබා ගත් උස්මාන් කවාජා 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන දෙකකින්.

අදාළ තරගයේ දී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ ඔස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන් 26 වැනි ස්ථානය දක්වා ස්ථාන 11 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 7 ක් දවා ගත් ටිම් සවුති ශ්‍රේණිගත කිරීම්හි 12 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය ස්ථාන 4 කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට පන්දු යවන්නන් අතර රැදී සිටින්නේ 31 වැනි ස්ථානයේයි.

වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු 43 වැනි ස්ථානය දක්වා ස්ථාන 13 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ලහිරු කුමාර 47 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්ථාන 4 කින් ඉදිරියට පැමිණෙමින්.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි මෙතෙක් පළමු ස්ථාන 10 දෙනා අතර රැදී සිටි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරන්න මේ වන විට සම 11 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන දෙකකින්.

නවසීලන්තයට එරෙහිව ශතකයක් වාර්තා කළ ඇන්ජෙලෝ මැතිව්ස් 17 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇති අතර, දිනේෂ් චන්දිමාල් 18 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් පසු බැස තිබෙනවා. නිරෝෂන් දික්වැල්ල ද 54 වැනි ස්ථානය දක්වා ස්ථාන 7 කින් පසු බැස තිබෙනවා. කුසල් මෙන්ඩිස් ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත්තේ 49 වැනි ස්ථානය දක්වායි.

මේ අතර, දකුණු අප්‍රිකාවේ ටෙම්බා බවුමා 15 වැනි ස්ථානය දක්වා ස්ථාන 14 කින් ද, ඒඩ්න් මාක්‍රම් 22 වැනි ස්ථානය දක්වා ස්ථාන 11 කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...