භානුක අවසන් මොහොතේ දී ඉන්දීය තරගාවලියෙන් එළියට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ එළඹෙන ඉන්දීය තරග සංචාරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඔහු කිලෝ මීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී ඇතත්, ඔහුගේ skinfold මට්ටම තවමත් අනුමත ප්‍රමාණයට ළගා වී නොමැති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.

භානුක රාජපක්ෂ ඉන්දීය තරගාවලිය අරමුණු කර ගනිමින් ජෛව ආරක්ෂිත බුබුලකට ද ඇතුළත්ව සිටි නමුත්, අවසන් මොහොතේ දී ඔහුව තරග සංචාරයෙන් ඉවත් කිරීමට මෙලෙස පියවර ගෙන ඇති බව සදහන්.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන 24 වනදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් තෝරා ගත් එකම පිතිකරුවා වූයේ ද භානුක රාජපක්ෂයි.

පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...