ට්‍රෙන්ට් බෝල්ට් දෙවැනි ටෙස්ට් තරගයටත් නැහැ

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා නොකරන බව නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරු Gary Stead පවසනවා.

නිසි පුහුණුවීම් සදහා ප්‍රමාණවත් කාලයක් නොලැබීම හේතුවෙන් ඔහු එලෙස එම තරගය සදහා ක්‍රීඩා නොකරන බවයි ඔහු සදහන් කළේ.

ප්‍රමාණවත් පුහුණුවක් නොමැතිව 32 හැවිරිදි ට්‍රෙන්ට් බෝලට් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරවීම තුළින් ඔහු ආබාධයකට ලක්වීමේ අවධානමක් පවා ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔහුගේ බිරිද ඔවුන්ගේ තෙවැනි දරු උපත වෙනුවෙන් සූදානමින් සිටි බැවිනුයි බෝල්ට් නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් වුණේ.

ඒ අනුව ට්‍රෙන්ට් බෝල්ට් හට යළි නවසීලන්ත කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවක් හිමි වන්නේ ලබන ජූනි මාසයට යෙදී ඇති එංගලන්ත තරග සංචාරයේ දී යි.

ඊට පෙර පැවැත්වෙන නෙදර්ලන්ත තරගාවලිය සදහා ඔහුව නම් නොකරනු ඇති.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන නවසීලන්ත ක්‍රීඩකයින් නෙදර්ලන්තයට එරෙහි තරගාවලියට නම් නොකිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය හේතුවෙන්.

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය ඉනිමක ජයක් වාර්තා කළ අතර, දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 25 වනදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...