ශ්‍රී ලංකා තරගාවලිය ගැන රෝහිට් ෂර්මා කතා කරයි

Date:

ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ඉන්දීය නායක රෝහිට් ෂර්මා අදහස් දක්වා සිටියා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග නිමා වූ 20යි 20 තරගාවලියෙන් පසුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී යි.

“ශ්‍රී ලංකාව වෙනස් අභියෝගයක්” යනුවෙන් රෝහිට් ෂර්මා සදහන් කළා.

ඒ, නිවේදක මුරලි කාර්තික් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින්.

“නමුත් මම ප්‍රතිවාදී කණ්ඩායම දිහා බලන්නේ නැහැ. මම බලන්නේ කණ්ඩායමක් විදිහට අපිට මොකක්ද කළ හැකි වන්නේ කියලා”

“සමහර දේවල් අපි නිවැරැදි කළ යුතුයි. විශේෂයෙන් පන්දු රැකීම සහ උඩ පන්දු රැක ගැනීම. ඒක අපි බැලිය යුතු දෙයක්. ඒකත් හදාගන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය එළඹෙන 24 වනදා ලක්නව් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...