බෙයාර්ස්ටව් හා රෝයිගේ වේගවත් ඉනිම් අපතේ යයි – ඉන්දියාවට ලකුණු 66ක ජයක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 66ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(23) සමත් වුණා.

පූනේහි පැවැති තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 318 ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ නමුත් ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 251ක් පමණයි.

ඒ, පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 14.2ක් තුළ ලකුණු 135ක වේගවත් සබතාවයක් ගොඩ නැගීමට ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටව් සමත් වූ පසුබිමකයි.

බෙයාර්ස්ටව් පන්දු 66කින් ලකුණු 94ක් රැස් කළ අතර, රෝයි ලකුණු 46ක් රැස් කළා.

කෙසේ වෙතත්, මැද පෙල පිතිකරුවන්ගෙන් එංගලන්ත ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.

මොයීන් අලී ලකුණු 30ක් සහ නායක ඔයින් මෝර්ගන් ලකුණු 22ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 4ක් දවා ගත් අතර, ශර්දුල් තාකූර් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 317ක් රැස් කළා.

ඒ, ශිකර් දවාන් ලබා ගත් ලකුණු 98න් සවිමත් වෙමින්.

කේ.එල්. රාහුල් නොදැවී ලකුණු 62ක් සහ සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ කෘනාල් පාන්ඩ්යා නොදැවී ලකුණු 58ක් ලබා ගත්තා.

නායක විරාට් කෝලි ලකුණු 56යි.

පන්දු යැවීමේ දී බෙන් ස්ටොක්ස් කඩුලු 3ක් දවා ගත් අතර, මාර්ක් වුඩ් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...