කොදෙව් පළමු ඉනිම ලකුණු 271කට සීමා වෙයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.(23)

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 268ක්.

කෙසේ වෙතත්, ඔවුන්ට අද ලබා ගත හැකි වූයේ තවත් ලකුණු 3ක් පමණයි.

කොදෙව් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 271කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ රහ්කීම් කෝන්වෝල් ලකුණු 61ක් රැස් කළ අතර, ජොෂුවා ද සිල්වා ලකුණු 46ක්, Kyle Mayers ලකුණු 45ක් සහ ජෝන් කැම්ප්බෙල් ලකුණු 42ක් රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 47කට කඩුලු 5ක් බිද හෙලූ අතර, විශ්ව ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

ඒ අනුව කොදෙව්වන් සිය පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 102ක් ඉදිරියෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...