ලෝක වාර්තාව පිහිටුවීමෙන් පසු හැගීම්බර වූ පාන්ඩ්යා : “මෙය මගේ පියා වෙනුවෙන්”

Date:

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනල් පාන්ඩ්යා අද(23) නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, එංගලන්තයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී යි.

මෙම තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් පාන්ඩ්යා සිය පළමු අර්ධ ශතකය ද වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහු පන්දු 31කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 58ක්.

ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.

ඔහු සිය අර්ධ ශතකය වාර්තා කිරීම සදහා වැය කළ පන්දු සංඛ්‍යාව 26ක්.

එය මංගල එක්දින තරගයේ දී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

මේ අතර, ඉන්දීය ඉනිම අවසන් වීමෙන් පසුව කෘනල් පාන්ඩ්යා හැගීම්බරව අදහස් පල කිරීම මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක්.

ඔහු එහිදී කියා සිටියේ “මෙය මගේ පියා වෙනුවෙන්” යනුවෙනි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...