තිරිමාන්න සහ ඕෂදගෙන් සටන්කාමී ඉනිම්, ශ්‍රී ලංකාව 153ක් ඉදිරියෙන් – Day 3 Report

Date:

ළහිරු තිරිමාන්න සහ ඕෂද ප්‍රනාන්දුගේ සුපිරි ඉනිම් හේතුවෙන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ දී යළිත් තරගයට අවතීර්ණ වීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ තෙවන දිනය මෙරට වේලාවෙන් අද(24) අලුයම නිමා වූ අතර, ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලකාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 255ක්.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 3කට දැවී යාමෙන් පසුව තිරිමාන්න සහ ඕෂද අතර දෙවැනි කඩුල්ලට ලකුණු 162ක වාර්තාගත සබදතාවයක් ගොඩ නැගුණා.

එය කොදෙව් දේශයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ ඕනෑම කඩුල්ලක් සදහා වන හොදම සබදතාවයයි.

සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ ඕෂද ලකුණු 91කටත්, සිය 8 වැනි අර්ධ ශතකය වාර්තා කළ තිරිමාන්න ලකුණු 76කටත් දැවී ගියා.

දිනේෂ් චන්දිමාල්ට මෙම ඉනිමේ දී ද ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ අතර, ඔහු ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 46ක් සහ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 21ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී කෙමා රෝච් සහ කයිල් මයර්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිමේ දී කොදෙව් පළමු ඉනිමට වඩා මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 153ක්.

තෙවන දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 268ක්.

කෙසේ වෙතත්, ඔවුන්ට ඊයේ දිනයේ දී ලබා ගත හැකි වූයේ තවත් ලකුණු 3ක් පමණයි.

කොදෙව් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 271කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර, සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ රහ්කීම් කෝන්වෝල් ලකුණු 61ක්, ජොෂුවා ද සිල්වා ලකුණු 46ක්, කයිල් මයර්ස්  ලකුණු 45ක් සහ ජෝන් කැම්ප්බෙල් ලකුණු 42ක් රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 47කට කඩුලු 5ක් බිද හෙලූ අතර, විශ්ව ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...