බෙයාර්ස්ටව් කැදවමින් එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා බෙන් ෆෝක්ස් වෙනුවට ජොනී බෙයාර්ස්ටව් යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී සිදු වූ ආබාධයක් හේතුවෙන් බෙයාර්ස්ටව් මේ දක්වා කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

ලැන්කෂයර් කණ්ඩායම සදහා ක්‍රීඩා කරන අතරවාරයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ද ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.

ඇන්ඩර්සන්ට අමතරව වේග පන්දු යවන්නන් ලෙස ස්ටුවට් බ්‍රෝඩ්, ඔලී රොබින්සන්, මැතිව් පොට්ස් හා මාර්ක් වුඩ් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්.

පසුගිය වසරේ මාර්තු මාසයේ දී අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ ක්‍රිස් වෝක්ස් ද යළි ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

මේ අතර, ඔලී පෝප් එංගලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස නිල වශයෙන් මේ වන විට නම් කර තිබෙනවා.

එංගලන්ත – අයර්ලන්ත සිව්දින ටෙස්ට් තරගය ජූනි පළමු වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. ජූනි 16 වැනිදා ආරම්භ වීමට නියමිත අළුබදුන ටෙස්ට් තරගාවලියට සූදානම් වීම සදහා එංගලන්තයට ලැබෙන අවසන් තරගය වන්නේ මෙම තරගයයි.

England Test Squad:

Ben Stokes (c), James Anderson, Jonathan Bairstow, Stuart Broad, Harry Brook, Zak Crawley, Ben Duckett, Dan Lawrence, Jack Leach, Ollie Pope, Matthew Potts, Ollie Robinson, Joe Root, Chris Woakes, Mark Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...