චමරි පළමු 10 දෙනා අතරට ; ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම කාන්තා 20යි 20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 10 අතරට පිවිසීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්ව තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග පැවැති 20යි 20 තරගාවලියේ දී තරග 3 කදී ලකුණු 103 ක් රැස් කරමින් ඇය දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව 20යි 20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරිම්හි 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 2කින් ඉදිරියට පැමිණීමට චමරි සමත්ව තිබෙනවා.

ඇය ශ්‍රේණිගත ලකුණු 643 කට හිමිකම් කියන අතර, ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ඔස්ට්‍රේලියාවේ Tahlia McGrath ශ්‍රේණිගත ලකුණු 801 කට හිමිකම් කියනවා.

තරග 2-1 ක් ලෙස බංග්ලාදේශය පරාජයට පත් කළ 20යි 20 තරගාවලියේ දී ලකුණු 125 ක් රැස් කළ හර්ෂිතා සමරවික්‍රම 27 වැනි ස්ථානය දක්වා ස්ථාන 12 කින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

මේ අතර, වමත් දග පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර පන්දු යවන්නියන් අතර 12 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ ඇත්තේ බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ දී පන්දු යැවීමෙන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

සුගන්දිකා කුමාරි සම 33 වැනි ස්ථානය දක්වා ස්ථාන 20 කින් ඉදිරියට පැමිණ ඇති අතර, උදේශිකා ප්‍රබෝදනී 38 වැනි ස්ථානය දක්වා ස්ථාන 21 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...