පාකිස්තානයේ යෝජනාවට ශ්‍රී ලංකාව එකග වෙයි ; දඹුල්ල හා පල්ලේකැලේ ගැනත් අවධානය

Date:

ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ යෝජනාවට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය එකගතාවය පල කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට යැවීමට නොහැකි බව ඉන්දියාව විසින් දැනුම් දී තිබූ අතර, ඒ අනුවයි පාකිස්තානය විසින් ඉන්දියාව ක්‍රීඩා කරන තරග වෙනත් රටකදී පැවැත්වීමට අදාළ දෙමුහුන් යෝජනාවක් ඉදිරිපත් කළේ.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙම යෝජනාවට කැමැත්ත පල කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, පාකිස්තානය විසින් මෙම යෝජනාවේ දී ක්‍රමවේද දෙකක් මේ වන විට ඉදිරිපත් කර ඇති අතර, ඉන් දෙවැනි ක්‍රමවේදය සදහායි ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය එකගතාවය පල කර ඇත්තේ.

පළමු ක්‍රමවේදය වූයේ ඉන්දියාව ක්‍රීඩා කරන සියලු තරග වෙනත් රටකදී පැැවැත්වීම හා සෙසු සියලු තරග පාකිස්තානයේ දී පැවැත්වීමයි.

දෙවැනි ක්‍රමවේදයේ දී මූලික වටයේ තරග 4 ක් පාකිස්තානයේ දී පවත්වා ඉන්දීය කණ්ඩායමේ තරග ද ඇතුළත් සෙසු සියලු තරග වෙනත් රටකදී පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.

එහිදී පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන පාකිස්තාන – නේපාල තරගය පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත අතර, අනෙක් කාණ්ඩයේ තරග තුන වන ශ්‍රී ලංකා-ඇෆ්ඝනිස්තාන, ශ්‍රී ලංකා-බංග්ලාදේශ හා ඇෆ්ඝනිස්තාන-බංග්ලාදේශ තරග ද පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ඉන්දියාව ක්‍රීඩා කරන මූලික වටයේ තරග හා සුපිරි 4 වටයේ සියලු තරග මෙන්ම තරගාවලියේ අවසන් මහා තරගය ද වෙනත් රටකදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

තරග පවත්වන අනෙක් රට එක්සත් අරාබි එමීර් රාජ්‍ය විය යුතු බවට පාකිස්තානය යෝජනා කර ඇතත්, ඒ පිළිබද අවසන් තීරණය ආසියානු ක්‍රිකට් කවුන්සල බළධාරීන් අතර සාකච්ඡා පවත්වා ඉදිරියේ දී ලබා ගැනීමට කටයුතු කරනු ඇති.

ශ්‍රී ලංකාවේ පල්ලේකැලේ හා දඹුල්ල යන ක්‍රීඩාංගන ද මෙහිදී සලකා බැලීමට නියමිතව ඇති බව පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...