IPL අතරතුර සිදු වූ ආබාධය නිසා ජොෆ්ර ආචර්ට ගිම්හාන තරග වාරයම අහිමි වෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්වූ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ගේ නවතම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය තොරතුරු අනාවරණය කර තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ආබාධය හේතුවෙන් ආචර්ට ඉදිරි ගිම්හාන තරග වාරයම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බවයි.

ඒ අනුව එළඹෙන අලුබදුන ටෙස්ට් තරගාවලිය ද ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ඔහුට තරග වාරය අතරතුර දී යළි එංගලන්තය බලා පිටත්ව යාමට සිදු වුණේ දකුණු වැලමිටෙහි සිදු වූ ආබාධයක් හේතුවෙන්.

තරගාවලිය අතරතුර දී ඔහු එක් අවස්ථාවක විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වීම සදහා බෙල්ජියමට ද ගොස් තිබුණා.

ආචර් එංගලන්ත හා සසෙක්ස් වෛද්‍ය කමිටුවල අධීක්ෂණය යටතේ සිය ආබාධය සුව කර ගැනීම සදහා පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට නියමිතයි.

2020 වසරේ සිට ආබාධවලට ලක්වීම හේතුවෙන් ජොෆ්ර ආචර්ට තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව පසුගිය කාලයේ දී අහිමි වුණා.

මෙම වසර ආරම්භයේ දී ඔහු දකුණු අප්‍රිකාවේ දී එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ නමුත්, ඊට පෙර ආබාධ හේතුවෙන් ඔහුට වසර දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...