බ්‍රෙන්ඩන්ගේ 83* ජැමයිකාවට තෙවැනි CPL ශූරතාවය හිමි කර දෙයි

Date:

බ්‍රෙන්ඩන් කිං පන්දු 50 කින් නොදැවී රැස් කළ ලකුණු 83 හමුවේ මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැමයිකා තලවාස් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(1) පෙරවරුවේ සමත් වුණා.

ජැමයිකා කණ්ඩායම එලෙස තෙවැනි වරටත් සී.පී.එල් ශූරතාවයක් දිනා ගත්තේ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ දී බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම කඩුලු 8 කින් පරාජයට පත් කරමින්.

ගයානා හි පැවැති තරගය ජය ගැනීම සදහා ජැමයිකා කණ්ඩායමට ලකුණු 162 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 16.1 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී සපුරා ගත්තා.

බ්‍රෙන්ඩන් කිංගේ නොදැවුණු ඉනිම හයේ පහර 2 කින් හා හතරේ පහර 13 කින් වර්ණවත් වුණා. ඔහු සමග ඉනිම ආරම්භ කළ කෙනාර් ලුවිස් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ශමාර් බෘෘක්ස් ලකුණු 47(33) ක් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 161 ක් රැස් කළේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

අසාම් ඛාන් ලකුණු 51 ක් රැස් කළ අතර, රකීම් කෝන්වෝල් ලකුණු 36 ක් හා ක්යල් මේයර්ස් ලකුණු 29 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ෆේබියන් ඇලන් හා Nicholson Gordon කඩුලු 3 බැගින් බිද හෙලමින් ජැමයිකා තලවාස් ජයග්‍රහනයට සිය උපරිම දායකත්වය ලබා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...