ශ්‍රී ලංකා කණ්ඩායම හෙට අලුයම දිවයිනෙන් පිටව යයි

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (2) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ද එදිනම පැවැත්වීමට නියමිතව ඇත්තේ නැමීබියාවට එරෙහිවයි.

එම තරගයට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් සදහා ද ක්‍රීඩා කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔක්තෝබර් 10 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Also Read : T20 ලෝක කුසලානයේ පුහුණු තරග කාලසටහන නිවේදනය කෙරේ

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 13 වැනිදා අයර්ලන්තයට එරෙහිව Junction Oval ක්‍රීඩාංගනයේ දී සිය දෙවැනි පුහුණු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් පසුගිය 25 වැනිදා සිට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගයේ දී සතියක පමණ කාලයක් පුහුණු කදවුරකට ද එක්ව සිටියා.

තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී ඊයේ(30) පස්වරුවේ දී මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර, එහිදී නායක දසුන් ශානක අදාළ පුහුණු කදවුරේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටියා.

ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගනවල ප්‍රමාණයන් ක්‍රීඩාංගනයෙන් ක්‍රීඩාංගනයට වෙනස් වන බැවින්, පන්දු යවන්නන් සිය පන්දු සංකලනය පිළිබද මෙම පුහුණු කදවුරේ දී වැඩි අවධානයක් යොමු කළ බව දසුන් සදහන් කළා.

වේග පන්දු යවන්නන් යෝකර් පන්දු, වයිඩ් යෝකර් පන්දු, වේගය අඩාල කරන වයිඩ් පන්දු මෙන්ම වේගය අඩාල කරන කෙටි පන්දු යොමු කිරීම වැනි පන්දු සංකලනයක් ඔස්ට්‍රේලියානු ක්‍රීඩාංගනවලදී යොදා ගැනීම වැදගත් බවයි ශ්‍රී ලංකා නායකයා අවධාරණය කර සිටියේ.

මුල් පෙල පිතිකරුවන් පවර් ප්ලේ අවස්ථාවේ දී පන්දුවට පහර දිය යුතු ආකාරය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කළ බව දසුන් කියා සිටියා.(දර්ශන පහතින්)

මේ අතර, අදාළ පුහුණු කදවුරේ දී සුපිරි පන්දුවාරයකදී ක්‍රීඩකයින් මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් ද ක්‍රීඩකයින් විශේෂ පුහුණුවක් ලබා ගත් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...