බුම්රා තවමත් ලෝක කුසලානයෙන් ඉවත් කර නැහැ : ගංගුලි තහවුරු කරයි

Date:

මේ වන විට පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටින ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා තවමත් එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි පවසනවා.

ඉදිරි දින දෙක තුනේදී ඔහු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි ගංගුලි මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ.

බුම්රා මේ වන විට ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ පසුවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (30) නිවේදනය කළා.

පිට කොන්ද ආශ්‍රිත වේදනාවක් හේතුවෙන් පසුගිය 28 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු 20යි 20 තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, ඔහුව බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත යොමු කිරීමටයි පියවර ගැණුනේ.

එහිදී බුම්රා වෛද්‍ය පරීක්ෂණ වෙත මුහුණ දී ඇති අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම වෛද්‍ය වාර්තා ස්වාධීන වෛද්‍ය උපදේශකයින් වෙත යොමු කර වැඩිදුරටත් පරීක්ෂා කර බැලීමට නියමිතයි.

අනතුරුව ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුව සමග එක්ව බුම්රා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති.

මෙම ආබාධය හේතුවෙන් දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සදහා ඉන්දීය සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් ආදේශ කිරීමට ද ඉන්දීය තේරීම් කමිටුව පියවර ගත්තා.

ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉන්දීය කණ්ඩායම ලබන 6 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...