බ්‍රැත්වෙයිට් 99* – ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු රැකීම් හමුවේ කොදෙව්වන් ස්ථාවර වෙයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද(30) අලුයම නිමා වුණා.

ඒ වන විට කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩාමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව්වන් කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 287ක්.

සමස්ථයක් ලෙස මෙම ඉනිමේ දී ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොදින් පන්දු යවනු ලැබූ නමුත්, ඔවුන්ට පන්දු රකින්නන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් හිමි වූයේ නැහැ.

පන්දු රකින්නන් අතින් රැක ගත හැකිව තිබූ උඩ පන්දු 3ක් ගිලිහී යාම කොදෙව් ඉනිමට මනා ආශිර්වාදයක් බවට පත් වුණා.

දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් නොදැවී ලකුණු 99ක් රැස් කර ගෙන සිටියේ හතරේ පහර11ක් සිය ඉනිමට එක්කරමින්.

රහ්කීම් කෝන්වෝල් නොදැවී ලකුණු 43යි.

ක්යිල් මේයර්ස් ලකුණු 49ක් සහ ජේසන් හෝල්ඩර් ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් කඩුලු 3ක් දවා ගත් අතර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලසිත් ඇඹුල්දෙණිය සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය විසින් පළමු දිනයේ දී නිපන්දු 5ක් යැවීම ද විශේෂත්වයක්.

ALSO READ : මිකී අසතුටට පත් කරමින් පිතිකරුට යළි එන්න වූ නොදැවී යාම

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...