ප්‍රබල ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවකටත් කොරෝනා

Date:

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා හර්මන්ප්‍රීට් කොවුර්ට ද කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී තිබෙනවා.

ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කළා.

තමා මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

හර්මන්ප්‍රීට් අවසන් වරට ක්‍රීඩා කළේ පසුගියදා සංචාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව නිමා වූ තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහායි.

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ඉර්ෆාන් පතාන්ට, ඔහුගේ සහෝදරයා වන යුසුෆ් පතාන්ට මෙන්ම එස්. බද්‍රිනාත් සහ සචින් ටෙන්ඩුල්කාර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය දින කිහිපයේ දී තහවුරු වුණා.

එම ක්‍රීඩකයින් සිව්දෙනාම මෑතකදී නිමා වූ “Road Sefety World Series” තරගාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...