මිකී අසතුටට පත් කරමින් පිතිකරුට යළි එන්න වූ නොදැවී යාම

Date:

ක්‍රිකට් ක්‍රීඩාවට යොදා ගන්නා තාක්ෂණයේ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ඇතැම්විට ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බව ඔබට මතක ඇති.

බොහෝ දෙනෙකුගේ අවධානයට සහ පුදුමයට පත් කළ එවැනි සිදු වීමක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී වාර්තා වුණා.

කොදෙව් පළමු ඉනිමේ දී ජොශුවා ද සිල්වා පන්දුවට පහර දෙමින් සිටියදී යි මෙය සිදු වුණේ.

ඔහු මුහුණ දුන් දෙවැනි පන්දුවේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට ධනංජය ද සිල්වා සමත් වුණා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී අදාළ විනිසුරු තීරණය, විනිසුරු තීරණ නැවත වීමසීමේ ක්‍රමවේදය (Review/DRS) ඔස්සේ අභියෝගයට ලක් කිරීමට ජොශුවා ද සිල්වා කටයුතු කළා.

පුනරූපන නැරඹීමේ දී දක්නට ලැබුණේ පන්දුව පිත්තේ ගැටීමක් ද සිදු නොවී කෙළින්ම පා ආවරණයේ ගැටෙන බවයි.

එමෙන්ම පන්දුව කෙළින්ම කඩුල්ලේ ද වදිනු ඇති බවට බොහෝ දෙනෙකු පුනරූපන නැරඹීමේ දී අපේක්ෂා කළ කරුණක්.

විනිසුරු තීරණය අභියෝගයට ලක් කළ පිතිකරු ජොශුවා ද සිල්වා ද තමා දැවී ගිය අයෙකු ලෙසට නම් වනු ඇතැයි එම අවස්ථාවේ දී සිතූ අතර, ඒ අනුව ඔහු යළි ක්‍රීඩාගාරය බලා පිටත්ව යාම ආරම්භ කළා.

කෙසේ වෙතත්, බොහෝ දෙනෙකු අපේක්ෂා නොකළ අයුරින් එම පන්දුව කඩුල්ලේ නොගැටී ඉවතට ඇදී යන බවයි Hawk-Eye (ball-tracking) තාක්ෂණය ඔස්සේ අණාවරණය වුණේ.

ඒ අනුව නොදැවුණු පිතිකරුවෙකු ලෙස නම් වූ ජොශුවා ද සිල්වා මවිතයට පත් වෙමින් යළි තණතීරුව දෙසට ඇවිද ආ නමුත්, එම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් දැඩි ලෙස අසතුටට පත්ව සිටිනු ද දක්නට ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...