බබාර් සහ ඉමාම් පළමු ටෙස්ට් තරගයෙන් ඉවතට – නව නායකයා මෙන්න

Date:

පාකිස්තාන නිත්‍ය නායක බබාර් අසාම්ට සහ ඉමාම් උල් හක්ට නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව මොහොමඩ් රිස්වාන් පළමු ටෙස්ට් තරගයේ දී පාකිස්තාන කණ්ඩායම මෙහෙයවනු ඇති.

ඔහු පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන 33 වන නායකයායි.

පුහුණුවීම් අතරතුර දී බබාර් අසාම්ගේ දකුණු අතෙහි ආබාධයක් ඇති වූ අතර, ඉමාම් උල් හක්ගේ වම් අතෙහි ආබාධයක් සිදු වුණා.

එම ක්‍රීඩකයින් දෙදෙනාම තවමත් පුහුණුවීම් ආරම්භ කර නැහැ.

මේ අතර, ඉම්රාන් බට් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් එරට ටෙස්ට් සංචිතයට ද නම් කිරීමට පාකිස්තාන තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...