ඩී කොක්ගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්

Date:

අවසන් වරට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගාවලියට වඩා මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් දස්කම් දැක්වීමට තම කණ්ඩායම දැඩි අපේක්ෂාවෙන් පසුවන බව දකුණු අප්‍රිකානු නායක ක්වෙන්ටන් ඩි කොක් පවසනවා.

පෙර තරගාවලියේ දී සිදුවූ වැරැදි නිවැරදි කර ගැනීමට එළඹෙන ටෙස්ට් තරගාවලිය මනා අවස්ථාවක් බවයි ඔහු සදහන් කළේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් වරට 2019 වසරේදී ෆෆ් ඩු ප්ලෙසිස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව තරග වැදුණු නමුත්, එම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

ඒ, ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ රටේ දී ම ටෙස්ට් තරගාවලියක් ජය ගත් ඉතිහාසයේ පළමු අවස්ථාව ද සනිටුහන් කරමින්.

“ඒ පරාජයේ මතකය තවමත් අපේ හිතේ රැඳිලා තියෙන නිසා එය අපිට මේ වතාවේ නිවැරදි කරගන්න අවශ්‍යයි” යනුවෙන් අතථ්‍ය මාධ්‍ය හමුවකදී දකුණු අප්‍රිකානු නායකයා කියා සිටියා.

“අපි බලාපොරොත්තු වෙනවා හොඳින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්න. නමුත් මෙවර ප්‍රතිවාදීන්ට කළින් අපි ආක්‍රමණශීලී වෙන්න බලාපොරොත්තු වෙනවා. කළින් පැවැති තරගවලදී අපිට කළින් ආකමණශීලී වුණේ ප්‍රතිවාදීන්. අන්න ඒකයි ඔවුන් අපට වඩා හොඳ වුණේ”

“අපි ඔක්කොම ටෙස්ට් තරග පිටියට පිවිසීමට ඉතාමත් උනන්දුවෙන් සිටිනවා. මේ වසරේදී අපි 20යි 20 ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා හිටිය නිසා ආකෘතියෙන් වෙනස්ව ටෙස්ට් පිටියට පිවිසීමට ලැබීම සතුටක්. අපේ ක්‍රීඩකයින් තරග නැතුව බඩගින්නේ හිටියේ. අපි ඉරිදා හොඳ පුහුණු සැසියක් පැවැත්වුවා. එතැනදි අපේ අය ගොඩක් දේවල් ලබා ගත්තා” යනුවෙන් ද ක්වෙන්ටන් ඩී කොක් වැඩිදුරටත් සදහන් කළා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන සෙනසුරාදා සෙන්චූරියන්හි සුපර්ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

(මූලාශ්‍රය SLC)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...