බට්ලර්ගේ ශතකය හා චෙහල්ගේ කඩුලු 5 රාජස්ථාන් පිලට තියුණු ජයක් ගෙන එයි

Date:

ජොස් බට්ලර් මෙවර අයි.පී.එල් තරගාවලියේ දී වාර්තා කළ දෙවැනි ශතකයෙන් හා යුස්වේන්ද්‍ර චෙහල් දවා ගත් කඩුලු 5න් ශක්තිමත් වෙමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ප්‍රබල සටනකින් පසුව පරාජයට පත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

අයි.පී.එල් තරගාවලිය ආරම්භ වී වසර 14ක් සම්පූර්ණ වූ අප්‍රේල් 18 වැනිදා පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජොස් බට්ලර්ගේ සුපිරි ශතකයෙන් ශක්තිමත් වෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 217ක් රැස් කිරීමට සමත් වුණා.

එය මෙවර තරග වාරයේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වීම විශේෂත්වයක්.

ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 61කින් ලකුණු 103ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 5ක් හා හතරේ පහර 9ක් සමගින්.

නායක සංජු සැම්සන් ලකුණු 38(19)ක් ද, ශිම්රන් හෙට්මයර් නොදැවී ලකුණු 26(13)ක් ද, දෙව්දත් පඩික්කල් ලකුණු 24ක් ද ලබා ගනිමින් රාජස්ථාන් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී සුනිල් නාරායන් ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත්තා. ශිවම් මාවි, පැට් කමින්ස් හා අන්ඩ්‍රි රසල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 210ක් පමණයි.

ඉනිමේ පළමු පන්දුවෙන්ම සුනිල් නාරායන් දුවද්දී දැවී ගියා. කෙසේ වෙතත්, අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක සබදතාවයක් ගොඩ නැගීමට නායක ෂ්රෙයස් අයියර් හා ආරෝන් ෆින්ච් සමත් වුණා.

ෆින්ච් පන්දු 28කින් වේගවත් ලකුණු 58ක් ලබා ගත් අතර, අයියර් පන්දු 51කින් ලකුණු 85ක් රැස් කළා. නිටිෂ් රානා ලකුණු 18යි.

ඉනිමේ 17 වැනි පන්දුවාරය ආරම්භ කරන විට කොල්කටා කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා අවශ්‍යව තිබුණේ පන්දු 24කින් ලකුණු 40ක් ලබා ගැනීමට පමණයි. කඩුලු 6ක් ද ඒ වන විට ඔවුන් අතැතිව පැවතුණා.

නමුත්, 17 වැනි පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 2ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණේ එම පන්දුවාරයේ අවසන් පන්දු තුනේ දී කඩුලු ත්‍රිත්වයක් ද දවා ගනිමින්.

Watch : තරගය උඩු යටිකුරු කරමින් චෙහල් දවා ගත් සුපිරි කඩුලු ත්‍රිත්වය

ෂ්රෙයස් අයියර්, ශිවම් මාවී හා පැට් කමින්ස්ගේ කඩුලු දවා ගනිමිනුයි චෙහල් සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළේ.

මෙම තරගයේ දී ඔහු ලකුණු 40කට බිද හෙලූ කඩුලු ගණන 5ක්.

අනතුරුව උමේෂ් යාදව් වේගවත් ලකුණු 21(9)ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ.

තරගය ජය ගැනීමටනම් රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් අවසන් පන්දුවාරයේ දී ලකුණු 11ක් රැක ගැනීමේ අභියෝගය වේග පන්දු යවන ක්‍රීඩක ඔබෙඩ් මැකෝයිට පැවරුණු අතර, ඔහු එම පන්දුවාරයේ පළමු පන්දු 4 තුළ දී කොල්කටා පිලේ අවසන් කඩුලු දෙකම දවා ගනිමින් තරගයේ ජය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තහවුරු කර දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...