Watch : වසර 5කට පසු කෝලි පළමු පන්දුවෙන්ම දැවී ගිය දුෂ්මන්තගේ සුපිරි පන්දුව

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය අද (19) රාත්‍රියේ මුම්බායි හී දී ආරම්භ වුණා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

බැංගලෝර් ඉනිමේ පළමු කඩුලු දෙක තරගයේ පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුණා.

පළමු පන්දුවාරයේ 5 වැනි හා 6 වැනි පන්දුවලදී ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ අනුජ් රාවත් හා විරාට් කෝලි.

කෝලි පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ඔහු එලෙස අයි.පී.එල් තරගයක පළමු පන්දුවෙන්ම දැවී ගියේ වසර 5කට පසුව වීම විශේෂත්වයක්.

https://twitter.com/cric12222/status/1516430266826436618?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...